ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස හිටපු සභාපති ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත් විය.
ඒ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස තරඟ කිරීමට සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමගින්.
ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය සඳහා පත් වු දෙවන අවස්ථාව මෙයයි.
මේ වසරේ සිට 2023 වසර දක්වා වු වසර දෙකක කාලය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව සඳහා නිලධාරීන් පත්කර ගැනීම සඳහා වු ඡන්ද විමසීම අද (20) උදෑසන විඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත් විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස තේරී පත් වුණේ රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්ය.
ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙසත්, භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද නිතරගයෙන් තේරී පත් විය.