දෛනිකව වෛද්‍යවරු 20ක් මියයන රටක් – එන්නත් මාත්‍රා 2ම ලබා ගත් අයත් ඒ අතර

0
525

ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි.

දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන් ගණන 329 ක් බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

ඒ අනුව ගෙවුණු දින කිහිපයේදී එක් දිනකට වෛද්‍යවරුන් 20දෙනා බැගින් මියගොස් ඇත.

මෙසේ මියගිය වෛද්‍යවරුන්ගෙන් හත් දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස් බව අද වාර්තා විය.

කෙසේ වෙතත් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරුන්ට සාපේක්ෂව එන්නතේ එක් මාත්‍රාවක් ලබාගත් හෝ එන්නත ලබා නොගත් වෛද්‍යවරුන් ගණන ඉහළ බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

එම දත්ත උපුටා දක්වන ඉන්දීය වෛද්‍ය සංගම් පවසන්නේ වෛද්‍ය මරණ ඉහළයාමට බලපා ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම නිසි කළ නොලැබීම බවයි.

එමෙන්ම තවමත් සැලකිය යුතු සෞඛ්‍ය සේවකයින් පිරිසකට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී නොමැති බව ඔවුන් අවධාරණය කළේය.

මේ අතර ලොව වැඩිම දෛනික මරණ නැවතත් ඉන්දියාවෙන් වාර්තා වු අතර ඒ 4,209 කි.