පුහුණු තරගයෙන් මෙන්ඩිස්ගේ පිලට ලකුණු 2ක තියුණු ජයක්

0
393

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතයේ ක්‍රීඩකයින් අතර අද(21) පුහුණු තරගයක් පැවැත්වුණා.

ඩකාහි ක්‍රීඩා අධ්‍යාපන ආයතන ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගය කුසල් ජනිත් නායකත්වය දැරූ කුසල් XI ‘ඒ’ කණ්ඩායම හා කුසල් මෙන්ඩිස් නායකත්වය දැරූ කුසල් XI ‘බී’ කණ්ඩායම අතරත් පැවතුනා.

එම තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු කුසල් XI ‘බී’ කණ්ඩායම සමත් වුනා.

පන්දුවාර 40 කට සීමා කර මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කුසල් XI ‘බී’ කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 284ක් රැස් කළා.

කුසල් Xඓ ‘බී’ – 284/5 : නිරෝෂන් දික්වැල්ල 88, පැතුම් නිස්සංක 02, කුසල් මෙන්ඩිස් 73, ධනංජය ද සිල්වා 25, චාමික කරුණාරත්න 35, රමේෂ් මෙන්ඩිස් 02, බිනුර ප්‍රනාන්දු 21, ලක්ෂාන් සඳකැන් 27*

පන්දු යැවීම – ධනුෂ්ක ගුණතිලක 26/1, අසිත ප්‍රනාන්දු 27/1, ඉසුරු උදාන 40/1, වනිඳු හසරංග 43/1

ජයග්‍රහණය සඳහා ලකුණු 285 ක ඉලක්කයක් හඹා ගිය කුසල් XI ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 37.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 282 ක් පමණයි.

කුසල් XI ‘ඒ’ – 282/10 (37.2) : අෂේන් බණ්ඩාර 80*, වනිඳු හසරංග 79, කුසල් ජනිත් 28, ධනුෂ්ක ගුණතිලක 17, දසුන් ශානක 01, අකිල ධනංජය 05, ශිරාන් ප්‍රනාන්දු 02, අසිත ප්‍රනාන්දු 0,

පන්දු යැවීම – චාමික කරුණාරත්න 40/3, දුෂ්මන්ත චමීර 45/1, රමේෂ් මෙන්ඩිස් 57/1, බිනුර ප්‍රනාන්දු 43/1, ලක්ෂාන් සඳකැන් 59/1