ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක දී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්ව තත්ත්පර 10.09කින් අවසන් කිරීමට සමත්ව තිබේ.
ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මීටර් 100 ධාවන ඉසව්වක වාර්තා කළ හොඳම දක්ෂතාව එය වේ.
යුපුන් අබේකෝන් මලල ක්‍රීඩා තරඟාවලියක දී මීටර් 100 ධාවන ඉසව්ව නියෝජනය කරමින් වාර්තාකළ සිය පෞද්ගලික හොඳම කාලය ද එයයි.
සුළඟේ වේගය තත්ත්පරයට මීටර් 2.2 ඉක්මවා තිබීම හේතුවෙන් එය වාර්තාවක් ලෙස නොසැලකෙන බව වාර්තා වේ.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් යුපුන් අබේකෝන්ට තත්ත්පර 10.05ක් වු පරිසාධන මට්ටමට ළඟා විය යුතු වේ.