ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින තරඟය අද

0
330

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරඟය අද (23) ඩකාහිදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියට එක්දින තරග 03ක් ඇතුළත්.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ දක්වා එක්දින තරඟ 48ක් පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉන් තරඟ 39ක්ම ජයගෙන තිබේ.
බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි. තරග 02ක් තීරණයක් නොමැතිව අවසන් වී තිබේ.
කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් වීමෙන් අනතුරුව සහභාගී වන පළමු තරගය මෙයයි.

මේ අතර බංග්ලාදේශය සමඟ අද ආරම්භ වන එක්දින තරඟාවලියේ දී පන්දු රැකීම කෙරෙහි වැඩි අවදානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්දින නායකයා මාධ්‍ය වෙත පවසා තිබුණා.