වනිදුගේ සටන්කාමී ඉනිම අපතේ යවමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 33 පරාජයක්

0
404

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අද (23) සමත් විය.

බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වූ එම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 257ක්.

බංග්ලාදේශයේ පළමු කඩුලු 4 ලකුණු 99 කදී බිද වැටුණු අතර 5 වන කඩුල්ල සඳහා මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් එක්ව ලකුණු 109 සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණි.

එහිදී මුෂ්ෆිකුර් රහීම් ලකුනු 84ක් සහ මහ්මුදුල්ලා ලකුණු 54ක් රැස් කල අතර පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හඹාගිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224කට සියුලු දෙනාම දැවී ගියේය.

ජයග්‍රහණය සඳහා හුදෙකලා සටනක් දියත් කළ වනිදු හසරංග පන්දු 60කින් ලකුණු 74ක් ලබා ගත් නමුත් තරගයේ ජයග්‍රහනයට එය ප්‍රමාණවත් වූයේ නැත.

අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි වනිදු අද වාර්තා කළේ සිය දෙවැනි අර්ධ ශතකය වන අතර ඔහු සිය අර්ධ ශතකය පන්දු 31කිනි.

වනිදුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් ඇතුළත්. පන්දු යැවීමේදී මෙහිඩි හසන් මිරාස් ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.