පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ආනයනය කර ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ක්‍රියාත්මක කළා තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර ඇති බැවින් මෙම පියවර ගැනෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මුදල් ගෙවීමේ පදනම මත ජිප්රථ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව හිමිවනු ඇති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන වල අවශ්‍යතාව පෙන්වා දෙමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත ඉකුත්දා ලිපියක් ද යොමු කර ඇත.
ටොයොටා ලංකා සමාගම විසින් ආනයනය කරනු ලබන මෙම වාහන කල්බදු පහසුකම් යටතේ ලබාගැනීමට යෝජිතයි.
මීට අමතරව, රජයේ හදිසි වාහන අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා ගිලන්රථ 50ක් ,ඩබල් කැබ් රථ 50ක් සහ බවුසර් 50 ක් ද ඉහත පහසුකම් යටතේ ලබා ගැනීමට රජය සැලසුම් කර ඇති බව සඳහන්.
ලංකාදීප ඔන්ලයින් වෙබ් අඩවිය ඇසුරිනි.