ඉන්දියාවේදි කොරෝනා වෛරසය ආසාදනය වු සෞදි පවුලක් ආපසු ගෙන්වා ගැනීමට සෞදි රජු, සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුඩ් නියෝග කර ඇති බව වාර්තා වෙයි.
සෞදි පවුල ඉන්දියාවේ සිට සෞදි අරාබියට රැගෙන ඒම සඳහා සෞදි ආරක්ෂක අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයට අයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයකින් සමන්විත ගුවන්යානයක් ඉන්දියාවට පිටත් කර යවා ඇත.
පැය 15 ගුවන් ගමනකින් පසු, අදාල ගුවන්යානය රියාද් නුවර පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරට පැමිණ ඇති අතර, සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සෞදි පවුල රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.