අද තරගයේ දික්වැල්ල කඬුලු රකිණු ඇති – ග්‍රාන්ට් ෆ්ලවර්

0
291

බංග්ලාදේශය සමග අද(28) පැවැත්වෙන තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කළේ කඩුලු රැකීමේ කාර්යය ද දික්වැල්ල විසින් මෙම තරගයේ දී සිදු කිරීමට ඉඩ ඇති බවයි.

මෙම තරගාවලියේ දී පිතිකරුවන් දුර්වල දක්ෂතාවයක් දැක්වීමට තාක්ෂණික කරුණුවලට වඩා මානසික කරුණු බලපෑ බවක් දක්නට ලැබෙන බව ඔහු වැඩි දුරටත් පවසයි.

පිතිකරුවන් පුහුණුවීම්වලදී නිදහස්ව හොදින් පිතිකරණයේ නිරත වුව ද, තරගයකදී පිටිය මැදට ගිය විට ඔවුන් ඊට වෙනස් වූ ආකාරයකින් පීඩනයක් සහිතව පිතිකරණයේ නිරත වන බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තෙවැනි හා අවසන් එක්දින තරගය අද දහවල් 12.30ට මීර්පූර්හි ෂරී බංග්ලා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ සිය ගෞරවය ආරක්ෂා කර ගැනීමේ සටනකද යෙදිය යුතු වනවා.