අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(28) සමත් වුණා.
ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 97ක ජයක් වාර්තා කිරීමත් සමගයි.
ඒ අනුව මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ සෘන දෙකක් හිමිව තිබූ ශ්‍රී ලංකාවට මේ වන විට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.
ශ්‍රී ලංකාව අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ තරග 6කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 5ක්ම පරාජයට පත්වුනා.
නියමිත කාලයට පන්දුවාර නොයැවීම හේතුවෙන් දඩුවම් ලකුණු දෙකක් ශ්‍රී ලංකාවට පනවා තිබූ බැවින් ඔවුන්ට මෙතෙක් සෘන ප්‍රසාද ලකුණු 2ක් හිමිව තිබුණා.
රටවල් 13ක් සහභාගී වන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් අවසාන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 12 වන ස්ථානයට පැමිණියේ ඊයේ ලැබූ ජයත් සමගින්.
කෙසේ වෙතත් බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පළමු ස්ථානයේ රැදී සිටිනවා.
මේ වන විට ඔවුන් සුපර් ලීගය යටතේ සහභාගී වූ තරග 9න් තරග 5ක් ජය ගනිමින් ලබා ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 50ක්.
ප්‍රසාද ලකුණු සටහන පහතින්,
- බංග්ලදේශය : තරග 9 – ප්‍රසාද ලකුණු 50
- එංගලන්තය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
- පාකිස්තානය : තරග 6 – ප්‍රසාද ලකුණු 40
- ඔස්ට්‍රේලියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 40
- නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
- ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
- බටහිර ඉන්දීය කොදෙව් : තරග 6 – ප්‍රසාද ලකුණු 30
- ඉන්දියාව : තරග 6 – ප්‍රසාද ලකුණු 29
- සිම්බාබ්වේ : තරග 3 – ප්‍රසාද ලකුණු 10
- අයර්ලන්තය : තරග 6 – ප්‍රසාද ලකුණු 10
- දකුණු අප්‍රිකාව : තරග 3 – ප්‍රසාද ලකුණු 9
- ශ්‍රී ලංකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 8
- නෙදර්ලන්තය : තරග 0 – ප්‍රසාද ලකුණු 0