ඉන්දීය C කණ්ඩායමක් උවත් ලංකාව පරද්දයි – අක්මාල්ගෙන් ප්‍රබල උපහාසයක්

0
515

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ඉන්දීය C කණ්ඩායමක් තරග වැදුණ ද ඔවුන්ට ශ්‍රී ලංකාව පරාජයට පත් කළ හැකි බව පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කම්රාන් අක්මාල් පවසා ඇත.

සිය යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කරයි.

ඉන්දියාවට එකම අවස්ථාවක ජාතික කණ්ඩායම් 3ක් තරග බිමට යොමු කිරීමේ හැකියාව පවතින බවයි කම්රන් අක්මාල් පෙන්වා දෙයි.

එංගලන්ත තරග සංචාරයක ද නිරත වන බැවින් එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එක් නොවන බව සඳහන්.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට සහ තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාව එංගලන්ත සංචාරයේ යෙදීමට නියමිතයි.

එංගලන්ත සංචාරයට ක්‍රීඩකයින් 24 දෙනෙකු පිටත්ව යන බැවින් එම කිසිදු ක්‍රීඩකයෙකු ශ්‍රී ලංකා සංචාරයට එක් නොවනු ඇති.

“ඉන්දියාවේ මානසිකත්වයට සම්පූර්ණ කීර්තිය හිමිවෙනවා. වරකට කණ්ඩායම් දෙකක් ක්‍රීඩා කරනවා. එකක් එංගලන්තයේ එකක් ශ්‍රී ලංකාවේ. ඔවුන්ගේ ක්‍රිකට් සංස්කෘතිය කෙතරම් ශක්තිමත් ද යත් ඔවුන්ට එකවර කණ්ඩායම් 3ක් යෙදවිය හැකියි.” යනුවෙන් කම්රන් අක්මාල් කියා සිටියි.

“ඉන්දියාව C කණ්ඩායමක් ශ්‍රී ලංකාවට යැව්වත් එයාලා දිනයි. ලංකාව මෑතකදී බංග්ලාදේශයටත් පරාජය වුණා.” ඔහු වැඩි දුරටත් කියා සිටියි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇතත් එම තරග කාලසටහන මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නැහැ.