ගාල්ලට ඔබ්බෙන් වු මුහුදේදී පැනමාවේ ලියාපදිංචි එම්ටී ලිබ්රා ටූ නෞකාවට වෙළෙඳ නැව් ආරක්ෂක සමාගමක් විසින් අවි ලබාදීමට යාමේදී එයින් කොටසක් මුහුදට වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට නාවික හමුදාව හා පොලීසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
ලිබ්රා නෞකාව ඉන්දුනිසියාවේ සිට සූවස් දක්වා ලිහිසි තෙල් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන නෞකාවකි.
පැමිණිල්ල අනුව මෙම නෞකාවට ගොඩවීම සඳහා විදේශීය කපිතාන්වරයෙකු ද රක්නා ලංකා ආරක්ෂක සමාගමේ තිදෙනෙකු ද නාවික හමුදා කඳවුරේ ගබඩා කර තිබු ගිනි අවි සහ තවත් උපකරණ ද රැගෙන දක්ෂිණ නාවික හමුදා කඳවුරේ තිදෙනෙකු ද සමග පසුගිය 28 වනදින සවස ගෝල් එනර්ජි බෝට්ටුවෙන් නැව වෙත ගොස් තිබේ.
ගාල්ල වරායේ සිට නාවික සැතපුම් 10 ක් පමණ දුර ජාත්‍යන්තර මුහුදු සිමාවේදී ගිනිඅවි සහ සහ අනෙක් උපකරණ දැලක දමා දොඹකරය මගින් නැවට පැටවිමට යාමේදි අයහපත් කාලගුණ තත්ත්වය හා අධික සුළං තත්ත්වයත් නිසා මුහුද රළු විම හේතුවෙන් දොඹකරය නැවේ බඳේ වැදි ගිනිඅවි ඇතුළු උපකරණ සියල්ලම මුහුදට වැටී තිබේ.
සිද්ධිය ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට වාර්තා කිරීමත් සමග නාවික හමුදාවේ යාත්‍රා දෙකක් වහාම එම ස්ථානයට ගොස් සෝදිසි කිරිමේදි එවායින් කොටසක් සොයා ගෙන ඇති අතර ඉන් උපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව නැහැ.
එම නැවේ හිටපු ලැට්වියානු ජාතික කපිතාන්වරයා නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සමග ගිනිඅවි ගෙනගිය යාත්‍රාවෙන් ගොඩ බිමට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් ගෝල් එනර්ජි බොට්ටුව පදවාගෙන ගිය පුද්ගලයා විසින් පසුගිය 29 වනදින රාත්‍රියේ ගාල්ල වරාය පොලිසියට පැමිණි කර ඇත.
මෙම අවි වැටුන ස්ථානය ඉතා ගැඹුරු නිසාත් කිමිදුම්කරුවන්ට කිමිදීමට හැකි උපරිම ප්‍රමාණය මීටර් හැටක් පමණ වන නිසාත් තාක්ෂණික උපකරණ මගින් ගැඹුරු මුහුද නිරික්ෂණය කිරිමට නාවික හමුදාව පියවර තිබේ.
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ බලපෑම් නිසා අරාබි මුහුද ඔස්සේ රතු මුහුදට යාත්‍රාකරන වෙළෙඳ නැව් වලට මුහුදු ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම සිදුවේ.