එක පවුලකට දරුවන් තුනයි – චීන නීතිය වෙනස් කරයි

0
169

ලොව වැඩිම ජනගහනයක් ජීවත් වන රට වන්නේ චීනය එක් යුවලවලට දරුවන් තිදෙනකු සදහා අවසරය ලැබෙන බව එරට රජය නිවේදනය කර ඇත.

චීනය මෙතෙක් කල් අවසර දී තිබුණේ දරුවන් දෙදෙනකුට පමණක් වන අතර එම ප්‍රතිපත්තියේ ප්‍රධාන වෙනසක් කරමින් මෙම පියවර ගෙන තිබේ.

මෑතකාලීනව නිකුත් වූ දත්තවලට අනුව චීනයේ උපත් අනුපාතය පහළ ගොස් තිබීම මීට හේතුවයි.

ජනගහනය පාලනය කිරීමේ අරමුණින් චීනය වසර ගණනාවක් එක් යුවලකට හැදීමට අවසර දී තිබුණේ එක් දරුවකු පමණි.නමුත් චීනය 2016 වසරේ දී එම ප්‍රතිපත්තිය වෙනස් කලේ ආර්ථිකයට එල්ල වන අවදානම හා තර්ජනයත් එරට වැඩිහිටි ජනගහනය වැඩිවීමත් හේතුවෙනි

ජීවන වියදම සහ ආර්ථික බලපෑම යන කරුණු හේතුවෙන් චීනය අපේක්ෂා කළ පරිදි එරටින් උපත් වර්ධනයක් සිදු වී නැත.

චීනය මෙවර සිය ප්‍රතිපත්තිය වෙනස් කිරීමට අමතරව ඊට සහයෝගය දෙන ආකාරයේ ක්‍රියාමාර්ග රැසක් ද ගෙන ඇති තර රටේ ජනගහන ව්‍යුහය වර්ධනය කිරීමේ අරමුණින් චීනය මෙම පියවර ගෙන තිබේ.

පවුල්වලට දැරීමට සිදුවන අධ්‍යාපන වියදම් අඩු කිරීම, නිවාස සම්බන්ධයෙන් බදු ක්‍රමය තුළින් සහාය ලබාදීම, ඉතා ඉහළ වියදමක් දැරීමට සිදුවන දෑවැදි ක්‍රමය වෙනස් කිරීම, රැකියා කරන කාන්තාවන්ට නෛතික සහාය යනාදිය මෙම ක්‍රියාමාර්ගවලට ඇතුලත්.

එමෙන්ම විවාහය සහ ආදරය සම්බන්ධයෙන් තරුණ පිරිස්වලට අධ්‍යාපන හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ දශකයකට වරක් එරට සිදුකරන ජනගහන සංගණනය අනූව එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට පෙනී යෑම හේතුවෙනි.