සංචරණ සීමා 14 වැනිදා තෙක් දීර්ඝ කෙරේ

0
423

රටපුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබුනත් රටෙහි පවතින වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බව ද යුද හමුදාපතිවරයා කීය.