අබුඩාබියේ දි කෝටි 81ක ලොතරැයි දිනුමක් ලැබූ ශ්‍රී ලාංකිකයා

0
271

එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ ඩුබායිහි සේවය කරන තවත් ශ්‍රී ලාංකිකයෙක් අබුඩාබි බිග් ටිකට් (“ඇබු ධබි ඹිග් ඨිcකෙට්” ) නැමැති ලොතරැයියේ පළමු දිනුම ජයග්‍රහනය කර ඇත.

එම ජයග්‍රහණය කල මුදල ඩිරාම් මිලියන 15ක් (රුපියල් කෝටි 81) බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පළවන කලීජ් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටී.

එසේම මීට පෙර එම ලොතරැයි තරගයේ හත්වැනි දිනුම වූ ඩිරාම් 60,000ක මුදලද වෙනත් ශ්‍රී ලාංකිකයෙකු විසින් ද ජයග්‍රහණය කර තිබුණි.

මෙම ජයග්‍රහණය අබුඩාබි බිග් ටිකට් ලොතරැයි ඇදීමේ සංවිධායකයින් විසින් ඊයේ (03) රාත්‍රීයේ ප්‍රකාශයට පත් කෙරිණි.

මෙලෙස මෙම ලොතරැයි ඇදීමෙන් පළමු දිනුමක් ලබා ‌ඇත්තේ ඩුබායි අවුරුදු 16කට ආසන්න කාලයක් හි සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන ජේ.ඩී.එස්.රසික නැමත්තෙකි.

එම ලොතරැයි ඇදීමේ තරගයේ හත්වැනි දිනුම ලබා ගෙන ඇත්තේ සුලෙන්තිරන් රසේන්දිරන් නැමැති ලාංකිකයෙකු වන අතර ඔහුගේ ලොතරැයි දිනුම මෙරට මුදලින් රුපියල් තුන් කෝටියකට වඩා වැඩි මුදලකි.

මෙම ජයග්‍රාහි ටිකට් පත තෝරා දෙනු ලැබුවේ ඉකුත් මාසයේ පැවති බිග් ටිකට් ලොතරැයි දිනුම් වාරයේදී ඩිරාම් මිලියන 12ක ත්‍යාග මුදල දිනා ගනු ලැබූ තවත් ශ්‍රී ලාංකිකයෙකු වන මොහොමඩ් මිශ්ෆික් වීමද විශේෂත්වයක්.