චන්දිමාල්ගේ උපන්දින සාදයට පැමිණි සජබ මන්ත්‍රීවරිය.?

0
500

චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදය ගැන මේ වෙද්දි රටම කතා වෙනවා. බොහෝ දෙනෙක් කතා වෙන්නේ මේ සාදය ගැන නෙවෙයි.මේ සාදය පවත්වපු, මේ සාදයට සහභාගී වුණු අයට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැනයි..‍

පොඩි මිනිහට එක නීතියකුත් ලොකු ලොකු මිනිස්සුන්ට තව නීතියකුත් කියන එක මේ සිද්ධියෙන් මනාවට පැහැදිලි වුණා.

කොහොම වුණත් මේ සාදයට එකතු වුණු දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් සිටින බවයි තොරතුරු වාර්තා වුයේ.

සමගි ජන බලවේගය නියෝජනය කරන භාගේෂ්වරී මධුෂිකා ගුණසේකර සහ ඔහුගේ සැමියා වන චමල් ගුණසේකර මෙම සාදයට සහභාගී වී ඇති බව සඳහන්.

නිරෝධායනය සහ සංචරණ නීති උල්ලංඝනය කරමින් පසුගියදා රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක චන්දිමාල්ගේ මෙම උපන්දින සාදය සංවිධාන කර තිබුණා.