පාසලක් අසල වළ දමා තිබූ දරුවන්ගේ සිරුරු 215ක්.?

0
273

කැනඩාවේ කැම්ලූප් පාසල සමීපයේ වළ දමා තිබූ දරුවන් 215 කගේ සිරුරු කොටස් හමුවීමේ සිද්ධියක් අනාවරණය කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම දරුවන් ඝාතනයට ලක්වී ඇතැයි සැක කරන බව එහි සඳහන්.

කතෝලික සභාව විසින් පවත්වගෙන ගොස් ඇති මෙමෙ පාසලේ සමූහ මිනීවළ සොයාගෙන ඇත්තේ භූගත විනිවිද යන රේඩාර් තාක්ෂණය මගිනි.

මේ සිද්ධිය අනාවරණය වීමත් සමගම කැනඩාවේ ගෝත්‍රික ජනතාව අතර දැඩි කම්පනයක් හට ගෙන ඇත.

තවද කැනඩා ඇගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ තමා මේ සිද්ධිය ගැන ශෝකයට පත්වෙන බවයි.

ආදිවාසී දරුවන් බලහත්කාරයෙන් ඔවුන්ගේ පවුල් වලින් වෙන් කරන කැනඩාවේ නේවාසික පාසල් පද්ධතිය “සංස්කෘතික ජන සංහාරයක්” ලෙස නම් කර ඇත.

වැඩි දුර තොරතුරු සඳහා පහත cbc.ca වෙබ් අඩවියට පිවිසෙන්න.

https://www.cbc.ca/news/canada/ottawa/archbishop-ottawa-cornwall-residential-schools-apology-ignorance-1.6051762