පියුමි සහ චන්දිමාල් කල ඉල්ලීම සානුකම්පිතව සලකා බලා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා – ඇමති සරත්

0
275

කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැති උපන්දින සාදයකට අදාළව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනය සඳහා රැගෙන යමින් තිබූ බස්රථය ආපසු හරවා යැවීමක් ගැන කියන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ ඉහත සිද්ධියට අදාළව විවිධ මාධ්‍ය ජාලවල සහ සමාජ මාධ්‍යවල අසත්‍ය පුවතක් පැතිර ගොස් ඇති බවයි.

පස්සර නිරෝධායනය මධ්‍යස්ථානයට යැවූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසකගේ අමතර ඇඳුම් රැගෙන යාමට අවස්ථාවක් දෙන ලෙසට ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව සානුකම්පිතව සලකා බලා බසය තලංගම පොලිසියට රැගෙන ගොස් අදාළ ඇඳුම් බසයට ගැනීමට අවස්ථාවක් ලබා දුන් බව ද මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම පිරිස නිරෝධායනට රැගෙන යමින් සිටියදී කළ ඉල්ලීමක් අනුව අමාත්‍ය සරත් වීරසේකර මහතා සානුකම්පිතව බලා අදාල අංශ දැනුවත් කර අවශ්‍ය ඇඳුම් පැළඳුම් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දුන් බව ද සදහන්.

ඒ අයන අතර තුර ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වු නීතිඥවරයකු, පියුමි හංසමාලි, චන්දිමාල් ජයසිංහ යන අය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තිරණය ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

මෙහිදී කිසිඳු අවස්ථාවක මෙම බස්රථය ආපසු හරවන ලෙස හෝ නිරෝධායනයට යොමුවිය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙස හෝ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර විසින් උපදෙසක් හෝ නියෝගයක් ලබාදී නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය භාර අමාත්‍යවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සලකා බලා අවශ්‍ය උපදෙස් ලබාදීමක් සිදුවූවා මිස වෙනත් උපදෙසක් ලබාදී නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේ.