කොවිඩ් දත්ත අනුව ලංකාවට ඉන්න තැන

0
204

ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ලොව පුරා රටවල් සහ කාලාප 200 කින් දෛනික වැඩිම ආසාදිතයින් වර්තා වන රටවල් අතර අද වනවිට ශ්‍රි ලංකාවට 20 ස්ථානය හිම්ව ඇත.

පළමු කොවිඩි ආසාදිතයා වර්තා වී කොවිඩ් ව්‍යප්තිය ආරම්භ වූයේ යැයි සැලකෙන චිනය පසුවන්නේ එම ලැයිස්තුවේ 110 වන ස්ථානයේයි.

පසුගිය දින 07 තුළ පමණක් මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 21,881ක් වන අතර මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 36,000 ඉක්මවා තිබීමද විශේෂත්වයකි.

සංචරණ සීමා කර ඇති පසුබිමක වුවත් රෝගීන් වාර්තා වීම පෙර සතියට සාපේක්ෂව 14% ක ඉහළ ගොස් ඇත අතර මරණ සංඛ්‍යාවද 30% කින් ඉහළ ගොස් තිබේ.