එංගලන්ත සංචාරයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙන්න

0
109

එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කළ කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) උදෑසන එංගලන්තය බලා පිටත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් 24දෙනෙකු ගෙන් සමන්විත සංචිතයේ නායකත්වය දරන්නේ කුසල් ජනිත් පෙරේරා විසිනි.

කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිශ්ශංක, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, චරිත අසලන්ක, දසුන් ශානක, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, දුෂ්මන්ත චමීර, ඉසුරු උදාන, අසිත ප්‍රනාන්දු, නුවන් ප්‍රදීප්, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම

එක්දින සහ 20/20 කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් ජනිත් ව නම්කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20/20 තරඟ 3ක් සහ එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි.

පළමු 20/20 තරඟය ජූනි 23 වනදා කාඩිෆ් හි ආරම්භ වේ.