එන්නත ගන්නවා නම් ගංජා ලබා දීමේ තීරණයක්.!

0
191

කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඕනෑම අයකුට නොමිලේ මර්ජුවානා (ගංජා-කංසා වැනි) ලබාදීමට ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපද බලධාරීන් තීරණය කර ඇත.

එන්නත් ලබා ගැනීමට අදිමදි කරන ඇමෙරිකානුවන් දිරි ගැන්වීමක් ලෙසය ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ‘ජොයින්ට්ස් ෆෝ ජැබ්ස්’ යනුවෙන් නම් කර තිබේ.

ඖෂධීය ගුණය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාවේ ප්‍රාන්ත බොහොමයක ඔසුහල් මගින් මර්ජුවානා විකිණීම සිදු කෙරේ.

වොෂින්ටනයේ එන්නත් ලබා ගන්නා අවුරුදු 21 ට වැඩි ඇමෙරිකානුවන්ට මර්ජුවානා ලබා දීම එම ඔසුහල් සම්බන්ධ කර ගනිමින් සිදු කරන බව වොෂින්ටන් බලධාරීන් පවසා ඇත.

ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් වැඩි පිරිසක් මේ වනවිට ප්‍රතිශක්තිකරණ එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසන අතර වොෂින්ටන් ජනපදයේ එන්නත් එකක් හෝ ලබා ගත් ප්‍රතිශතය 54% ක් පමණ වේ.

ජූලි 4 වැනිදා ඇමෙරිකාව නිදහස් දිනය සමරද්දී රටේ සමස්ත ජනගහනයෙන් 70% කට වඩා වැඩි පිරිසක් එන්නත් කිරීම ජනපති ජෝ බයිඩන්ගේ ඉලක්කය වී තිබේ.

මේ වනවිට අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දෙන අතර වයස අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලැබෙන්නේ ‘ෆයිසර්’ එන්නත ලබා දෙයි. අන් අයට ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ යන ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දෙයි.