කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට සූදානම්වීමට විරෝධය පළකරමින් ඊයේ (10) විරෝධතාවයක් පැවතුණි.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුලියාපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් විසින්.
එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් චීත්තයකින් සැරසී විරෝදය පල කර ඇත.
ඔහු ඒ අවස්ථාවේ දී පළ කර සිටියේ මෙවන් අදහසකි.
“අපි කතා කරපු විදියට පිරිමි ඇඳුම් ඇඳන් එන්න බැරි තත්ත්වයකට පත්වුණා. ඒ නිසා කාන්තා ඇඳුමකින් සැරසී එන්න කල්පනා කළා. අද කාන්තා ඇඳුම ඇඳගෙන ඇවිල්ලා හෙට අමුඩේ ගහගෙන ඇවිල්ලා එහෙමත් බැරි වුණොත් ජීවිත පරිත්‍යාගයෙන් හරි මේක රැක ගන්න කටයුතු කරනවා.“
වීඩියෝ හර්ශන පහතින්,