අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 20කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 23කින් ඉහළ දමනු ඇත.
එමෙන්ම ඔටෝ ඩිසල් ලීටරයක් රුපියල් 07කින් සහ සුපර් ඩිසල් ලීටරයක් රුපියල් 12කින් ද භූමිතෙල් ලීටරයක් රුපියල් 07 කින් ඉහළ දමනු ලබන බව බලශක්ති අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ සඳහන්.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.157ක් වන අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු. 184කි.
ඔටෝ ඩිසල් ලීටරයක නව මිල රු. 111ක් සහ සුපර් ඩිසල් ලීටරයක නව මිල රු. 144කි.
භූමිතෙල් ලීටරයක නව මිල රු. 77ක් ලෙස එම නිවේදනයේ සඳහන්.
