තෙල් මිල වැඩිවීමට සමගාමීව බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යන ලකුණු?

0
267

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේය.

පවතින තත්වයත් සමඟ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත් වී ඇතැයි ප්‍රදේශ රැසක ජනතතාව පවසති.

මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා යොදා ගන්නා බස් රථවල ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණය ගන්නා බවයි.

මේ අතර බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ලබන සඳුදා(14) තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

තවහ පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය අවධාරණය කළේ, ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව එලෙස බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බවයි.