තෙල් මිල වැඩි වීමේ වගකීම ඇමති ගම්මන්පිලට – ඇමති අස් වෙනවාද.? තීරණය අද

0
309

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ඝෘජුව වගකිවයුතු බවත් මෙහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව පවසා ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා 11 දින පැවසුවේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය දුන් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත්කළ නිවේදනය පහතින්.

මේ අතර තමාට ඉල්ලා අස් වන්නැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහලේකම් වරයාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියට පිලිතුරක් ලබා දීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සූදානමින් සිටිනවා.

ඒ සම්භන්දයෙන් පවත්වන විශේශ ප්‍රවෘත්ති සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වෙන බව ඔහු සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබුණේ මෙල්සින්.