ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ කිහිපයක නායකයන් ඇතුලු පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදි පෙරවරුවේ රැස්වී සාකච්ඡාවක් පවත්වා ඇත.
අතුරලියේ රතන හිමි, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ටිරාන් අලස්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් ද, ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව නියෝජනය කරන ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.
ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතාට චෝදනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය ගැන ද එහිදී පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
මේ අතර තෙල් මිල වැඩි කිරීමට ගත් තීරණය ගම්මන්පිල මහතාගේ තීරණයක් නොව පොදුවේ ආණ්ඩුව ගත් තීරණයක් බැවින්ග ම්මන්පිල මහතා වෙනුවෙන් දිගටම පෙනීසිටීමට එහිදී පක්ෂ නායකයින් තීරණය කළ බව වාර්තා වේ.
මේ අතර සාගර කාරියවසම් මහතා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එහිදී පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇත.
තෙල් මිල වැඩි කිරීමෙන් පිඩාවට පත්ව ඇති දිළිඳු ජන කොටස් වෙත අත්‍යවශ්‍ය ආහාර ඇතුලත් සහන මල්ලක් දීමටද පක්ෂ නායකයින් යෝජනා කර ඇතැයි සඳහන්.
උපුටා ගැනීම ලංකාදීප ඔන්ලයින් වෙබ් අඩවියෙනි.