ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් මිලදී ගත හැකිද ?

0
35

ඔන්ලයින් ක්‍රමවේදය හරහා සුපිරි වෙළෙදසැල් මගින් මත්පැන් මිලදී ගැනීමට හැකි බව සඳහන් කරමින් වෙබ් අඩවි රැසක පලවී ඇති ප්‍රවෘත්තිය අසත්‍ය බව වාර්තා වුනා.

ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට මේ දක්වා අවසර ලබා දී නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්. එම්. එස්. ගුණසිරි මහතා පවසයි.

කෙසේ වුවත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මත්පැන් අලෙවි කිරීමට ඇතැම් සුපිරි වෙළෙදසැල් විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් සිදුකරනු ලැබ ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව මේ වනවිට අදාළ බලධාරීන් සමග සාකච්ජා කරන බවත් පුළුල් සංවාදයකින් පසුව ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශයට යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත් ගුණසිංහ මහතා පැවසීය.

සංචරණ සීමා හේතුවෙන් දළ වශයෙන් රුපියල් මිලියන 600ක විතර බදු ආදායමක් මේ වනවිට සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව අහිමි වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.