පසුගිය දා ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවයි.
“මට කියන්න තියෙන්නේ මේ අවස්ථාව නෙමෙයි ඉන්ධන මිල ඉහළ දාන්න. බැසිල් රාජපක්ෂ මහත්තයාට මොනා හරි කියන්න තියෙනවා නම් එතුමා කෙලින් කියන කෙනෙක්.
ඒ නිසා බැසිල් රාජපක්ෂ මහතා හිටියා නම් මේ ඉන්ධන මිල ඉහළ දාන්න දෙන්නෙත් නෑ. එතුමා මේ වෙනුවෙන් පෙනී සිටිනවා. අපි ඛනිජ තෙල් ඇමතිතුමාටත් කියන්නේ ඉන්ධන මිල අඩු කරන්න මැදිහත් වෙන්න. ඛනිජ තෙල් ඇමතිතුමා ඇ ද, ඹ් ද, C ද කියන ඒක අපිට අදාළ නෑ. ජනතාවට අමාරුයි.”
ලෙස ඔහු වැඩි දුරටත් අදහස් දක්වා සිටියා.