ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක ණයක් ගැනීමේ සූදානමක්

0
228

ඉන්දියානු මහ බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 400 ක ණයක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසා තිබුනේ දෙරටේ මහ බැංකු අතර විනිමය හුවමාරු ණය වැඩසටහන යටතේ එම ණය මුදල ලබා ගැනීමට නියමිත බවයි.

මීට පෙර ඉන්දියානු මහ බැංකුවෙන් ලබාගෙන තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400 ක මුදලක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පියවා දමනු ලැබුවා.

උපුටා ගනීම නෙත් නිව්ස් වෙබ් අඩවියෙනි.