ලෝක ටෙස්ට් ශූරයින්ට ලැබෙන ත්‍යාග මුදල මෙන්න

0
358

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ ජය හිමි කර ගන්නා කණ්ඩායමට ටෙස්ට් ශූරතා කුසලානය සමගින් හිමිවන මුදල අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වන බවයි ඔවුන් පවසන්නේ

මීට අමතරව ලෝක ටෙස්ට් අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් ලක්ෂ 8 කි.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නවසීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වේ.

එම තරගය ලබන 18 වැනිදා එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.