කිරිපිටි කිලෝවක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීමක්

0
170

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලෝක වෙළෙඳපොලේ යොදය සහිත කිරිපිටි වල මිල 32% කින් ඉහළ ගොස් ඇති බැවින් තමන් එම ඉල්ලීම කරන බව ආනයනකරුවෝ පවසති.

ශ්‍රී ලංකාව වාර්ෂිකව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 90,000 ක් ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කරයි. එය මෙරට කිරිපිටි අවශ්‍යතාවයෙන් 75%ක් පමණ වේ.

එහෙත් මේ වනවිට විශේෂයෙන් ම පසුගිය ජනවාරි මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ කිරිපිටි සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් වර්ධන වෙමින් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

එසේම දැනට මෙරට තුළ ආනයනය කළ කිරිපිටි ඇත්තේ සති 4-6ත් අතර කාලයකට බවද වාර්තා වේ.