එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කෙරෙන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද(18) පස්වරුවේ නිකුත් කර තිබෙනවා.
මේ ගැසට් නිවේදනය එම කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයාට නිල වශයෙන් භාරදෙනු ලැබීමට නියමිතයි.
ඉන්පසු වික්‍රමසිංහ මහතා එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා සිදුවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා යෝජනා කර තිබුණි.
පසුගිය 2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ එක් ජාතික ලැයිස්තු ලයිස්තු මන්ත්‍රීධූරයක් පමණක් වූ අතර එය මේ දක්වා පුරප්පාඩු වී පැවතුණා.