දෙහිවල සත්තු වත්තේ සිංහයාට කොවිඩ් – හිපපොටේමස් සහ සීබ්‍රා හදිසියේ මියගිය හේතුව මෙන්න

0
229

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ කිහිපයකින් සනාථ වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අද(18) පස්වරුවේ නිවේදනය කලා.

මෙලෙස වෛරස ආසදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ, 2013 වසරේ දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයෙන් රැගෙන ආ “තෝර්” නැමති සිංහයාටයි.

කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හොංකොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරීස් මහතා සමග එක්ව සිදු කරන බව ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු ජෛව රසායන අංශය සදහන් කරයි.

වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ, සිංහ දේනුව ද තරමක අසනීප තත්ත්වයෙන් පසුවන අතර සිංහ යුවළගේ පැටවුන් දෙදෙනා නිරෝගී සුවයෙන් පසුවන බවයි.

මේ අතර ඉන්දියාවේ කොවිඩ් වෛරසය අසාදිතව සිංහයින් දෙදෙනෙකු මිය ගිය බවට වාර්තාවෙන අතර ආසන්නතම සිදුවීම ලෙස පසුගිය 16 වෙනිදා චෙන්නායිහී සත්වෝද්‍යානයක සිටි 12 වියැති සිංහයෙකු මිය ගොස් ඇත.

දෙහිවල සත්වෝද්‍යානයේ හිපපොටේමස් සහ සීබ්‍රා සතුන් දෙදෙනා හදිසියේ මියගොස් ඇත්තේ කොරෝනා ආසාදන තත්ත්වයකින් නොවන බව අනාවරණ වී තිබෙනවා.

හිපපොටේමස් සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාද්මික තත්ත්වයක් හේතුවෙන් වන අතර සීබ්‍රා සත්ත්වයා මියගොස් ඇත්තේ ආහාර මාර්ගයේ සිදුවූ අවහිර වීමකිනි