යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ පාපන්දු ලෝලීන්ගේ වැඩි අවධානයක් දිනා ගත් තරගයක් ජර්මනියේදී ඊයේ(19) පැවැත්වුණා. ඒ සත්කාරක ජර්මනිය සහ පෘතුගාලය අතරයි.
තරගය ආරම්භයේදීම ජර්මන් කණ්ඩායම ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළා.
කෙසේ වෙතත් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ පෘතුගාල කණ්ඩායම වූ අතර එම ගෝලය 15 වන මිනිත්තුවේදී පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් වාර්තා කළා.
එය ඔහු විසින් මෙවර තරග වාරයේදී වාර්තා කල 03 වන ගෝලය ලෙස සනිටුහන් උනා.
පෘතුගාල ක්‍රීඩකයින් දෙදෙනෙකු අතින් සිය දැළ වෙත ගෝල දෙකක් යොමු වීම හේතුවෙන් පළමු අර්ධය නිමා වූයේ ගෝල 02 කට 01 ක් ලෙස ජර්මන් කණ්ඩායම පෙරමුණ ගනිමින්.
දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ජර්මන් කණ්ඩායම 51 වන මිනිත්තුවේදී සහ 60 වන මිනිත්තු වලදී තවත් ගෝල 02 ක් වාර්තා කළා.
ඒ අනුව මෙම තරගය ජර්මන් කණ්ඩායම ජය ගත්තේ ගෝල 04 ට දෙකක් ලෙසිනි.