ගෑස් මිලත් වැඩි වෙයිද.? – ඇමති අනුකමිටුවේ අවසන් තීරණය අද

0
221

ගෑස් මිල වැඩිකිරිම පිළිබඳ සොයා බලන අමාත්‍ය අනු කමිටුව අද(21) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.

එහි සාමාජික පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගෑස් මිල වැඩිකරන ලෙසට ගෑස් සමාගම් කර ඇති ඉල්ලීම පිළිබඳව අද දින අවසන් තීරණයක් ගැනිමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ගෑස් මිල වැඩි කිරිම සඳහා ලාෆ් සහ ලිට්ට්‍රෝ සමාගම් මීට පෙර පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒ පිළිබඳව සොයා බලා තීරණයක් ගැනීම සඳහා මෙම අමාත්‍ය අනුකමිටුව පත් කෙරුණි.