ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී උපත් පාලන කොපු 160,000 බෙදාදීමට පියවර

0
71

ලබන මස 23 දා ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී උපත් පලන කොපු 160,000 ප්‍රමාණයක් ක්‍රිඩකයන් අතර බෙදාදීමට සංවිධායක මන්ඩලය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙම උපත් පාලන කොපු කිසිදු ආකාරයකින් භාවිතා කිරිමට අවසර නොලබෙන බව සංවිධායක මණ්ඩලය පවසන අතර එම කොපු සිහිවටනයක් සේ නැවත රැගෙන යාමට අවසර ලබා දී ඇත.

HIV සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම සඳහා 1988 දී ඔලිම්පික් උළෙලේදී කොන්ඩම් බෙදා හැරීම ආරම්භ වූ අතර, පසුව පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී ලබා දුන් කොන්ඩම් සංඛ්‍යාව අහස උසට නැඟ තිබේ.

එමෙන්ම ඔලිම්පික් ගම්මානයේ රදවන සියලු ක්‍රිඩකයන් දැඩි කොන්දේසි යටතේ රදවන බවත් ක්‍රිඩක ක්‍රිඩිකාවන් අතර කිසිදු ආකරයකින් ශාරිරික සම්බන්ධතා පැවත්වීමට අවසර ලබා නොදෙන බවත් සංවිධායක මණ්ඩලය පවසා තිබෙනවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මත්පැන් ගෙන ඒමට අවසර දෙන නමුත් එය පරිභෝජනය කිරීමට අවසර දෙනු ලබන්නේ ඔවුන් තනිවම සිටින ඔවුන්ගේ කාමරවල පමණි.

මෙවර ඔලිම්පික් ක්‍රිඩා උලෙළ ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවත්වීමට තීරණය කර ඇති අතර කෙසේවෙතත් දේශිය ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදෙන්නේද යන්න පිළිබඳවද තවමත් සාකච්ඡා කරමින් ඇත.

අවම ප්‍රෙක්ෂක සහභාගිත්වයකින් ඔලිම්පික් උලෙළ ආරම්භ කිරීමට කටයුතු කරනබව සදහන් අතර බොහෝ දෙනෙක් මෙම ඔලිම්පික් උලෙළට එරෙහිව විවේචනය කර තිබුනේ කොරෝනා තත්වය හමුවේ මෙය නවතා දමන ලෙසයි.