ජංගම දුරකථන සංඥා නොමැති වීමට හේතුව ඇමති නාමල් හෙළි කරයි.

0
199

විදුලි සංදේශ සමාගම් තම පුද්ගලික න්‍යාය පත්‍රයන් සපුරාලීම සඳහා සම්ප්‍රේෂණ කුළුණු තැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඥා වලට බාධාවක් වී ඇති බව ඩිජිටල් තාක්‍ෂණ ‍අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ඊයේ(21) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටියේ මේ හේතුවෙන් විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බවත් රට තුළ ජංගම දුරකථන සංඥා සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවී තිබෙන බවයි.

සම්ප්‍රේෂණ කුළුණු රැසක් පසුගිය වසරවල ඉදිකර ඇතත් ඒවා කිසිවක් ජාතික සැලැස්මට ඇතුළත් කර නොමැති බවයි මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම විදුලි සංදේශ සමාගම් සමඟ ඒකාබද්ධ කුළුණු බෙදා ගැනීමේ සංකල්පය හඳුන්වා දෙමින් දිවයින පුරා ජංගම දුරකථන සංඥා ලබා දීම ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ අරමුණ බව ඔහු පවසා සිටී.

මේ ආකාරයේ සම්ප්‍රේෂණ කුළුණු ඉදිකිරීම් දැනටමත් ආරම්භ කොට තිබෙන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ පළමු කුළුණ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිකරන බවයි.

මෙවැනි සම්ප්‍රේෂණ කුළුණු 49ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉදිකිරිමට යෝජනා වී ඇති බවත්, තවත් කුළුණු 10ක් මාතර දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට මේ වසරේ සැලසුම් කර ඇති බවයි නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙමගින් ජනතාවට ඔවුන්ගේ අවශ්‍යතාවය මත 4ඝ් සහ 5ඝ් අන්තර්ජාල පහසුකම් ලබාදීමේ හැකියාව ලැබෙනු අති.