”පොහොර හිඟයක් තියෙනවා කියන්නෙ අමූලික බොරුවක්” – ඇමති කෙහෙළිය

0
223

මෙම කන්නයේ රට තුළ පොහොර හිඟයක් ඇතැයි, යන්න සම්පූර්ණ අසත්‍යයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් විට බෙදා හැරීමේ ප්‍රශ්නයක් තිබුණද ප්‍රායෝගිකව පොහොර හිඟයක් ඇතිවීම කිසිදු අයුරකින් සිදුවිය නොහැකි බවයි.

මේ අතර සහල් මෙට්ට්‍රික් ටොන් 100000ක් ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද කැබිනට් මාධ්‍ය හමුවෙදී අද මාධ්‍යවේදීහු ප්‍රශ්න කළා.

එහිදී රමේෂ් පතිරණ අමාත්‍යවරයා පැවසුවේ වී අස්වන්න යහපත් පරිදි මෙවර ලැබී ඇති වූවත් වෙතත් සහල් මාෆියාවට මුහුණදීමට ආරක්ෂිත තොගයක් සහ වෙළඳපොළේ මිල පාලනය කිරීමේ උපක්‍රමයක් ලෙස සහල් තොගය ආනයනයට රජය තීරණය කළ බවයි.