බැසිල්ට මන්ත්‍රී ධූරය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරයාට ලැබෙන තනතුර

0
192

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම වෙනුවෙන් සිය මන්ත්‍රී අසුන ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තීරණය කර ඇතැයි වාර්තා වනවා.

පසුගිය පර්ලිමේන්තු මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි ඔහු පාර්ලිමේන්තුවට පිවිසියා.

එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මහ බැංකු අධිපති ධූරයට පත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 06 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවට දේශපලන ආරංචි මාර්ග පවසයි.

ඔහුට ආර්ථික සංවර්ධන අමාත්‍යධූරය ලබාදෙනු ඇති බවට ද වාර්තා පළ වුණා. ඒ අනුව බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශයක්ද පිහිටු වීමට නියමිතයි.

අදාළ අමාත්‍යංශයට නාගරික සංවර්ධන අධිකාරිය හා ආයෝජන මණ්ඩලය ද එක්කරනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.