ශ්‍රී ලංකාවට විස්සයි 20 දරුණු පරාජයක් – එක්දින තරඟාවලිය ලබන 29 වෙනිදා

0
184

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි 20 ජාත්‍යන්තර තරඟයෙන් ලකුණු 89ක ජයක් ලබා ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරඟයේ ප්‍රතමයෙන් පන්දුවට පහර දුන් එන්ගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඬුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුණා.

තරඟයෙන් ජය ගනීම සඳහා ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනා දවී රැස්කළේ ලකුණු 91ක් පමණි.

ඒ අනුව තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

මේ අතර දෙරට අතර පැවැත්වීමට නියමිත තරඟ 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ලබන 29 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.