ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට තීරණය කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබෙනවා.
ඒ, ඔවුන් තිදෙනා එංගලන්ත තරග සංචායේ දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීම හේතුවෙනි.
ඒ සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනවලින් පසුව ක්‍රීඩකයින් තිදෙනා වහාම යළි දිවයිනට ගෙන්වා ගැනීමට තීරණය කළ බව ද ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.
ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුගෙන් ලැබුණු වාර්තාව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
විමර්ශනය අවසන් වන තුරු ක්‍රීඩකයින් තිදෙනාට සම්පූර්ණ ක්‍රිකට් තහනමක් තාවකාලිකව පැනවූ බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වඩිදුරටත් සදහන් වන්නේ.
ඔවුන් තිදෙනා ඩර්හැම් නුවර රාත්‍රී කාලයේ දී මාර්ගයක ගමන් කරන ආකාරය ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ අතර ඉන් අනතුරුවයි ඒ පිළිබද විමර්ශන ආරම්භ කෙරිණි.
අද උදෑඩන සිට සිට සමාජ මාධ්‍ය හරහා සංචරනය වූ මෙම වීඩියෝව පරාජයේ අමිහිරි වේදනාවෙන් පසු වන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට තවත් පිලිකුලක්.
එම වීඩියෝව පහතින්,