හොරණ පොලිස් වසමේ ගුරුගොඩ පාදුක්ක, මාර්ගයේ බෙලිගස් හන්දිය අසල දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ(04) සවස 3.45ට පමණ මෙය සිදුව ඇත.
ගුරුගොඩ දෙසට ධාවනය වු යතුරුපැදියක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 47 ක් මීවනපැලෑන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය හොරණ රෝහලේ තැන්පත් කර ඇත.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.