ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ, එංගලන්තය සමග නිමා වූ විස්සයි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.
ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටි අතර මෙතෙක් 9 වැනි ස්ථානයේ පසු වූ ලක්ෂාන් සදකැන්ට මේ වන විට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.
වනිදු හසරංග ශ්‍රේණිගත කිරීමේ ලකුණු 693කට හිමිකම් කියන අතර, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ශ්‍රේණිගත ලකුණු 750කට හිමිකම් කියනවා.
ඔහු විසින් විස්සයි 20 ජාත්‍යන්තර තරඟ 19කදී කඬුලු 26ක් බිඳහෙලීමට සමත්ව ඇත.
ලෝක 20 -20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ පාදඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රෙයිස් ශම්සි ට හිමිව තිබේ.
දෙවන ස්ථානය ඇෆ්ගනිස්තානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ට සහ තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවේ ඇශ්ටන් අගාර් ට හිමිවී ඇත.
ලෝක 20-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරිම් ලැයිස්තුවේ පළමු දෙවන සහ තෙවන ස්ථානවලට පත්ව ඇති ක්‍රීඩකයින් තිදෙනාම දඟපන්දු යවන්නන් වීම විශේෂත්වයකි.