මහ පාරේ තිබී අහුලා ගත් මුදලක් පිලිබඳව මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන ආචාර්ය රංග කලංසූරිය මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ.
ආර්ථික අවපාතයන් සම්බන්ධයෙන් ලොව මුහුණ දී ඇති තත්ත්වය ද එමගින් අවබෝධ කරගත හැකිය.
එම සටහන පහතින්,
“මම මේ නෝට්ටුව පාරෙ තිබිලා ඇහිදලා ගත්තේ 2009 සිම්බාබ්වේ රටේ හරාරේහිදී. සිම්බාබ්වේ ඩොලර් බිලියන පනහක් උනාට මේකෙන් පාං ගෙඩියක්වත් ගන්න බැහැ.
මුදල මෙච්චර ම අවප්‍රමාණ වෙනකොට රටේ දේශීය මුදල අයින් කරලා ඇමරිකානු ඩොලර් පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒ නිසා ඒ දවස්වල මහ පාරෙ මේ වගේ නෝට්ටු ඕන තරම් ඇහිද ගන්න පුලුවන්.”
