ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පිහිටවූ නවතම ලෝක වාර්තාව

0
359

එංගලන්තය කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) කඩුලු 8ක පරාජයක් ලැබීය.

එම තරඟය පැවතියේ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ දීය.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 241ක් රැස්කළ අතර සත්කාරක එංගලන්ත කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබාගත්තේය.

මෙම පරාජයත් සමග නව ලෝක වාර්තාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු විය. ඒ එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ වැඩිම පරාජයන් ගණනක් වාර්තා කළ කණ්ඩායම බවට පත්වෙමිනි.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟ 860කදී තරඟ 428ක් පරාජය වී තිබේ. මීට පෙර එම වාර්තාව සතුව සිටි ඉන්දීය කණ්ඩායම තරඟ 993කදී පරාජය වූ තරඟ ගණන 427කි.

පාකිස්තානය තරග 933 කින් තරග 414 ක් පරාජයට පත්ව වැඩිම පරාජය ලැබූ රටවල් අතර තෙවැනි ස්ථානයේ පසුවෙයි.