සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය බි්‍රස්ටල්හීදි අද පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් පස්වරු 03:30 ට ආරම්භ වීමට නියමිතයි.
එංගලන්ත කණ්ඩායම මේ වන විටත් මෙම තරගාවලිය 02ට බින්දුවක් ලෙස ජය ගෙන අවසන්. පරාජයන් රැල්ලකට හසුව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ තරාගවලි පරාජයකින් බේරීමට නම් මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.
එංගලන්ත කණ්ඩායම මෙම තරගය අද ජයගතහොත් ශ්‍රී ලංකාවට එරෙහිව සිය මව් බිමේදී පූර්ණ එක්දින තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොතට එක්වනු ඇති.
තවද මෙවර තරඟ වාරයේ පැවති විස්සයි 20 තරඟාවලියේ තරඟ සියල්ලම ජය ගැනීමට එන්ගලන්ත කණ්ඩායමට හැකි වුනා.
දිගු කලක් පරාජයේ අමිහිරි අත්දැකීම විදිමින් සිටින ශ්‍රී ලාංකා ක්‍රිකට් ප්‍රේක්ශකයින් අදත් ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් තරඟ නරඹනු ඇති.