ගම්පහ ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජික, සාමාජිකාවන් විසින් සිදු කළ ආකාරයක් දක්නට ලැබිණි.
සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු පිරිසක් සේවයෙන් ඉවත්ව සිටියි.
මේ හේතුවෙන් කොරෝනා එන්නත් කරන කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජිකයන් විසින් ඉටු කරන ලදි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් එන්නත්කරණ කටයුතු, නිරෝධායන කටයුතු, කොරෝනා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීම, කොවිඩ් ආදාහන කටයුතු, ආහාර සෞඛ්‍ය කටයුතු, බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන කටයුතු ඇතුලු රාජකාරීන්ට අයත් සියලුම සේවාවන්ගෙන් ඉවත්ව ඇත.
මෙම තත්වය මත විශේෂයෙන්ම කොරෝනා රෝග කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සදහන් කරයි.
මේ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ද මේ වනවිට සිය සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම හේතුවෙන්ද අසීරුතාවයකට පත්වීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වැඩිදුරටත් පවසයි.