ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන වාර්තා අසත්‍යය බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සදහන් කර තිබෙන්නේ මේ දක්වා ඒ සම්බන්ධයෙන් වගකිව යුතු බළධාරීන් සමග කිසිදු සාකච්ඡාවක් තමා සිදු කර නොමැති බවයි.
තමා තවමත් ජාතික 20යි 20 තරග පිටියෙන් විශ්‍රාම ගෙන නොමැති බව ද මෙහිදී මාලිංග සඳහන් කර ඇත.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ලසිත් මාලිංග මෙවර තරග වාරයේ දී කටයුතු කිරීමට නියමිතව ඇති බවටයි මීට පෙර මාධ්‍ය වාර්තා පලව තිබුණි.
එම සටහන පහතින්,