චීන – ශ්‍රී ලංකා සබඳතාවය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් 1000 සමරු කාසියක් නිකුත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම කාසිය මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ඊයේ(06) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබූ බවය.
කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ නිරූපණය වන අතර කාසිය මධ්‍යයේ නිරූපණය වන්නේ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුමයි.
එහි 2022 ලෙස රඟහලට පහළින් විශාල ඉලක්කමින් දක්වා ඇත.
කාසියේ පරිදියේ ඉංග්‍රීසි, සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකාව – චීනය වසර 65 යි යනුවෙන් ද සටහන් කර තිබෙන අතර කාසියේ අනෙක් පස රුපියල් දහස සහ චීන කොමියුනිස්ට් පක්ෂය යනුවෙන් භාෂාත්‍රයෙන් සඳහන් ය.
ඒ අනුව රන් සමරු කාසි 500 ක් සහ රීදි සමරු කාසි 2000 ක් නිකුත් කළ බව මහ බැංකුව නිවේදනය කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.