ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනයෙන් කල ඉල්ලීම

0
315

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට සැරසෙන බවට කතාබහක් ඇතිවී තිබේ.

සමහර මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති බවයි.

අප ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසා තිබුනේ “ජාත්‍යන්තර තරඟ සඳහා තමාව තාවකාලිකව නම්නොකරන ලෙස” ඔහු මෙරට ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

34 හැවිරිදි මැතිව්ස් මේ දක්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 90ක් (ලකුණු 6,236), එක්දින ජාත්‍යන්තර තරඟ 218ක් (5,635) සහ 20/20 ජාත්‍යන්තර තරඟ 78ක් (ලකුණු 1,148) ක්‍රීඩාකර ඇත.

ඇන්ජලෝ මැතිව්ස් ද ඉන්දියාව සමඟ පැවැත්වෙන තරඟයේ මූලික සංචිතයේ ක්‍රීඩකයින් 30 දෙනා අතරට ඇතුළත්ව සිටියා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනය පහතින්,